More

    විමල්, ගම්මන්පිල කැරැල්ලෙන් කරළිය උණුසුම්.

    Must read

    යුගදනවි බලාගාරෙයේ කොටස්වවලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමක් වෙත පැවැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබානොදීම හා අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග ඒ පිළිබද සාකච්ඡා සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා සිටීමත් යන කාරණා මත පදනම්ව විමල්, ගම්මන්පිල, වාසු, ටිරාන්, දිනේෂ් හවුල්කාර පක්ෂවල නායකයින් දැඩි කළකිරීමකට පත් සිටිනවා. දේශපාලන ආරංචි පවසන්නේ කිසියම් ප්‍රශ්නයක් පිළිබද රටේ නායකයා සමග සාකච්ඡා කර විසදුමකට පැමිණීමට ඇති අවස්ථාව අහිමි වීම බරපතල ගැටළුවක් බව එම නියෝජිතයින්ගේ අදහස වී ඇති බවයි.

    මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර, කිසියම් තීරණයකට අවතීර්ණ විය යුතු බව විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු පිරිසගේ අදහස වී ඇති අතර, ඔවුන් ඒ වෙනුවෙන් ලබන 23 දා විශේෂ සාකච්ඡාවක් කැදවීමටද පියවර ගෙන තිබෙනවා.

    අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බවත්, තමන්ට අත්හැරීමට නොහැකි දෙයක් නොමැති බව ගම්මන්පිල ඇමැතිවරයා සිය හිතවතුන් සමග පවසා ඇති බවත් දේශපාලන ආරංචි පවසනවා. ලබන 23 දා සාකච්ඡාවට අදාලව වෙන් වෙන් වශයෙන් යෝජනා සකස් කිරිමටද රැස්වීමේදී එම සියළු යෝජනා සලකා බලා තීරණයක් ගත යුතු බවද විමල් හා ගම්මන්පිල යන අය යෝජනා කර ඇති බවද එම ආරංචි වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව