More

    පාස්කු ප්‍රහාරයේ අගමුල සෙවීමට කාදිනල්තුමන් ජාත්‍යන්තර සහය ඉල්ලයි – ජනපතිටත් චෝදනාවක්.

    Must read

    අප්‍රේල් 21 අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සැලසුමක්ද එසේ නම් සුළු පිරිසක් ඒ සදහා යොමුකළේ කවුරුන්වු විසින්ද යන කරුණ වහාම හෙළි කරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් යළි අවධාරණය කළා. ‌මුස්ලිම් අන්තවාදීන් හත් අට දෙනෙකුට පමණක් මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කළ හැකි යැයි තමන් විශ්වාස නොකරන බවයි එතුමන් පෙන්වා දුන්නේ.

    ‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුද?, ඇත්තටම වුණේ කුමක්ද?, කවුද ඒක කළේ? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍ය බව ද කාදිනල්තුමෝ සඳහන් කළා.

    මැල්කම් රංජිත් කාදිනල්තුමන් මේ බව පැවසුවේ ”ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” මඟින් සූම් තාක්‍ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද සංවාදශීලී වැඩමුළුවකදීයී.

    මෙම ප්‍රහාරය පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ බවද එතුමන් පැවැසුවා. එසේ වුවද කොමිසම් වාර්තාව නිකුත් කර දින දෙකකින් තමාට කතා කර කොමිසමේ තියෙන හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා සැලකර සිටි බවද ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළොත් තමන් අප්‍රසාදයට ලක්විය හැකි බවද ජනාධිපතිවරයා පැවැසූ බවයි අගරදගුරුතුමන් අවධාරණය කරන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව