More

    විශ්වාසභංගයක් ?

    Must read

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි විපක්ෂය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොහොර ගැටළුව හමුවේ පැනනැගී ඇති තත්ත්වයන් සලකා බලමින් එම ක්‍රියාමාර්ගය වෙත අවතීර්ණ වන ලෙසත්, විපක්ෂය ලෙස ඊට සහය ලබාදීමට සූදානම් බවත් සමගි ජනබලවේගයේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

    මෙම කාරණය මාධ්‍ය හමුවක් කැදවමින් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාද අවධාරණය කළා. පොහොර ගැටළුව විසදීම සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදුකිරිමට උත්සාහ කිරීමට වඩා, සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ කෘෂිකර්ම ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම යැයි ඔහු පැවැසුවා.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් සිදුව ඇති බවද දේශපාලන ආරංචි පවසනවා. එහිදී එවැනි යෝජනාවක් ගෙනඒමට තමන්ට නොහැකි බවත්, හැකි නම් විපක්ෂය ලෙස එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවේ පසුපෙළ නියෝජිතයින් විපක්ෂයේ නියෝජිතයින්ට දැනුම් දී ඇති බවත් එම වාර්තා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව