More

    රාසමානික්කම් උතුරේ බලය අල්ලයි.

    Must read

    ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට හා රජයට විරෝධය දක්වමින් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා දැවැන්ත බෝට්ටු විරෝධතාවක් ක්‍රියාත්මක වුණා. උතුරු හා නැගෙනහිර ධීවරයින් මුහුණදෙන ගැටළු සදහා විසදුම් ලබාදීමට රජය අසමත් වී ඇති බවයි ධිවරයින් චෝදනා කළේ.

    කළුකොඩි ඔසවා බෝට්ටු 100 ට වැඩි ගණනක් මෙම විරෝධතා බෝට්ටු සංචාරයට එක්ව තිබුණා. ධීවරයින්ද කළු ප‌ටි පැලැද විරෝධය දැක්වූවා.

    දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම් මහතා විසින් මෙම ‌විරෝධතාවට සක්‍රීය දායකත්වය ලබාදුන් අතර, ඔහුද එම විරෝධයට එක්වුණේ කළුපටි පැලැදගෙනයි. මේ අතර උතුරේ ආරංචි පැවැසුවේ රාසමානික්කම් මන්ත්‍රීවරයා සමග උතුරේ ප්‍රජාව එක්ව සිටින බවයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු වන ඔහු මේ වන විට උතුරු නැගෙනහිර ජනතාවගේ සිත් දිනාගැනීමට සමත්ව සිටිනවා.

    මේ අතර විරෝධතාව අතරතුර රාසමානික්කම් මන්ත්‍රීවරයා පැවැසුවේ ‌ඉන්දීය ධීවරයින් මෙරට මුහුදට පැමිණ නීතිවිරෝධි ලෙස මසුන් අල්ලාගෙන යනතුරු දේවානන්දා ඇමැතිවරයා නිහඩව බලා සිටින බවයි. එවැනි හැසිරීමකට ඇමැති තනතුරු අවශ්‍ය නොවන බවද පැවැසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ජනතාවට බරක් නොවී දේවානන්දා වහාම අමැතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

    එමෙන්ම හෙට දිනයේ පොහොර ගැටළුවට මැදිවී සිටින ගොවි ජනතාව සමගද විරෝධතාවක නිරතවන බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව