More

    පෙට්‍රල් 20 න් – ඩීසල් 30 න් – ජනපති නියෝගද නොතකා IOC ඉන්ධන මිල වැඩි කිරීමට ඉල්ලයි.

    Must read

    පවතින තත්ත්වය හමුවේ ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයට නැවතත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. තෙල් සංස්ථා ආරංචි පැවැසුවේ ලබන සතිය වන විට ඉන්දන මිල ඉහළ දැමීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

    පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමීමට රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි ලංකා IOC සමාගම රජයට ‌ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ.

    මේ සම්බන්ධයෙන්කා කළ විමසීමකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවැසුවේ ඉන්දන මිල ඉහළ දැමීමට අවසර නොදෙන බව රජය දැනටමත් දැනුම් දී ඇති බවයි.

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.8ක් දක්වා ඉහළ ‌ගොස් ඇති අතර, 2018 වසරින් පසු බොරතෙල් බැරලයක මිල සටහන් වූ ඉහළම අගය ද මෙයයි.

    ඉන්දන මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයාද අවධාරණය කර තිබියදී  ලංකා IOC සමාගම ඉන්ධන ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව