More

    ජෝෂප් ස්ටාර්ලින් උල තියමු.

    Must read

    ඵලදායී අධ්‍යාපන සංග්‍රාමයක් සියළු දෙනාගේ බලාපොරොත්තුව වන්නේ නම්, ඒ සදහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින්ට උල තැබිය යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ‌තිස්ස කුට්ටිආරච්චි මහතා යෝජනා කළා. ඔහු ‌පැවැසුවේ අධ්‍යාපන ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත්කිරීමේ වගකීම ස්ටාර්ලින් විසින් බාරගත යුතු බවයි.

    එමෙන්ම වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය විසදීමට නම්, ඔහු ගෝල්ෆේස් පිටියට රැගෙනවිත් උල තැබිය යුතු බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අවධාරණය කළා.

    ගුරු වැ‌ටුප් පිළිබද ගැටළුව මේ වන විට විසදා අවසන් කර ඇති බවද ‌ජෝෂප් ස්ටාර්ලින් කේජු කෑල්ලම එකවර ඉල්ලා සිටීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය බිදවැටී ඇතැයිද ඔහු පැවැසුවා. මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල්කරන ස්ටාර්ලින් පාපතරයෙකු බවද එම පාපතරයා ගොස්ෆේස් පිටියට ගෙනවිත් උලතියපු දවසට මේ ප්‍රශෟනය විසදිය හැකි බවද මන්ත්‍රීවරයා පැවැසුවා.

    එබැවින් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය නිසි ලෙස පවත්වාගෙන යාමට සහය වන ලෙස තමන් සමස්ථ ගුරු පරපුරෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා ආයාචනය කළා. ඔහු මේ බව පැවැසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව