More

    හාල් මිල නැවතත් ඉහළට – සීනි හිගයකුත් මතුවෙයි ?

    Must read

    සහල් කිලෝවක මිල රුපියල් 20 ත් 50 ත් අතර මිලකින් යළි ඉහළ යාමේ තත්ත්වයක් පවතින බව වෙළදපොල ආරංචි පවසනවා. රට තුළ පවතින සහල් හිගය මෙම තත්ත්වයට හේතුවයි.

    කෙසේ වෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සහල් කිලෝවක් රු. 98 ට සතොස මගින් නිකුත් කිරිමට පියවර ගන්නා බවයි. ඇමැතිවරයා එසේ කීවද ගැටළුව වන්නේ සතොස ආයතන අවම ගණනක් පැවැතීමයි. එමෙන්ම සීමා සහිතව සහල් නිකුත් කිරීමටද සතොසට සිදුවීම තුළ සහල් මිල පිළිබද ගැටළුව පාලනය කිරීම අපහසු කාර්යක් බවට පත්ව තිබෙනවා.

    මේ අතර රට තුළ සීනි හිගයක් ඇතිවීමේ අවදානමක්ද මතු වී තිබෙනවා. මාස 5 ක් පුරා වරායේ සිරවී ඇති සීනි මෙ.ටො. 12000 ක් නිදහස් කරගැනීමට මේ දක්වා නොහැකි වීම මෙම තත්ත්වයට හේතුවයි. ව්‍යාපාරිකයින් පස්දෙනෙකු විසින් ගෙන්වා ඇතැයි කියන මෙම සීනි තොග නිදහස් කරගැනීම ප්‍රමාද වී ඇත්තේද ඩොලර් හිගය හේතුවෙන්. ව්‍යාපාරිකයින් පවසන්නේ ප්‍රමාද ගාස්තු ගෙවා ගැනීමේ අපහසුතාව හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව