More

    කිරි දීම නවතයි – කැඳ දීමට සැරසෙයි.

    Must read

    පාසල් සිසුන් සඳහා දියර කිරි ලබා දීම අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට දේශීය සහල්වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබාදීමට තීරණය කළ බවයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කරන දේශීය කැඳ වට්ටෝරුවක් මේ සඳහා භාවිතා කරන අතර පෞද්ගලික සමාගමකින් කැඳ ලබා ගැනීමටද නියමිතයි.

    පාසල් 927ක සිසුන් ලක්ෂ හතරකට සතියකට දෙවරක් මේ අනුව කැඳ ලබාදීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යංශය පැවැසුවා. ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 650ක්.

    දියර කිරි ලබාදීම සඳහා වෙන් කළ මුදල් මේ සඳහා යොදා ගැනීමට නියමිතයි. 2021 වර්ෂයේ පාසල් දරුවන්ට කිරි ලබාදීම ක්‍රියාත්මක කිරීම සඳහා කිරි සපයන ආයතන කැඳවා ඇතත් කිසිදු සමාගමක් ඉදිරිපත් වී නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව