More

    කාදිනල්තුමන් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව නඩු පවරයි.

    Must read

    කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. එමෙන්ම බලාගාරයේ කොටස් මිලදී ගත් ඇමැරිකානු සමාගමද පෙන්සමේ වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇතැයිද අධිකරණ ආරංචි පැවැසුවා.

    කරුණු ගණනාවක්ම සම්බන්ධයෙන් ‌ශ්‍රේෂ්ඨාධීකරණයේ අවදානය යොමුකර ඇති පෙත්සම්කාර පාර්ශවය විශේෂයෙන් ඉල්ලා ඇත්තේ, එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීමට අවසර නොදෙන ලෙසයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව