More

    JR බල බි‌‌දෙයි

    Must read

    රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කිරීම‌ට අදාල වැඩපිළිවෙල මේ වන විට නිමා වී ඇති බවත්, අයවැය සම්මත කරගැනීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වන බවත්, අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී.

    එහිදී සිදුකළ අදහස් දැක්වීමයි මේ.

    අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රතිඥාවක් අපේ රටේ ජනතාවට දුන්නා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණයය කරලා ක්‍රියාත්මක කරනවා කියලා. අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ. ආර්. ජයවර්ධන යුගයේ. 1978 වසරේ. ඒ දශක හතරහමාරක් තුළ අපේ සමාජය දැඩි විපර්යාසයකට භාජනය වෙලා තියෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පත්කළා නීතිඥයන් සහ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්. ඒකේ සභාපතීත්වය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා. දැන් එ් කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර අවසන්. දැන් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා එකේ අවසාන ලියවිල්ල සකස් කිරීමට. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානයේ දී එක රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්ත්වයක තිබෙයි කියලා. ඒ අනුව 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා.”

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව