More

    පාසල් ඇවිනුත් – වෘත්තීය ක්‍රියාමාර්ග

    Must read

    ලබන 25 දා සිට පාසල් පැමිණියද වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහැරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසුවේ 25 දා සිට ඉගෙනුම් ක්‍රියාවලියේ පමණක් නිරතවීමට ගුරුවරුන් තීරණය කළ බවයි.

    ඒ අනුව විෂයභාහිර හෝ වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් ගුරුවරු මැදිහත්වීමක් සිදුනොකරන බවද පාසල් වේලාව තුළ පමණක් ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවද ඔහු අවධාරණය කළා.

    එමෙන්ම ලබන 21 හා 22 යන දෙදින තුළ රජයට දැනෙන දැවැන්ත විරෝධතා සංවිධාන කිරීමටද ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මහින්ද ජයසිංහ මහතා පැවැසුවේ සිය වැටුප් ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව