More

    පාස්කු ප්‍රශ්නෙට උත්තර නොදී මෛත්‍රී පලා යයි.

    Must read

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල්තුමන් මතුකරන කාරණා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කළා. ඒ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුවයි.

    කෙසේ වෙතත් ඊට හරි… හරි… යනුවෙන් පමණක් පිළිතුරු දී මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රශ්නය මගහැර සිය රථයට ගොඩවී පිටත්ව ගියා.

    ඊට පෙර මාධ්‍යවේදීන් විමසා සිටියේ බඩු මිල සම්බන්ධවයි. වෙළදපොලේ තත්ත්වයන් යටතේ බඩුමිල තීරණය වන බවට යම් පැහැදිලි කිරීමක් සිදුකළ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මතු වූ කාරණාවලට පිලිතුරු නොදීම බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ කාරණයක්.

    පසුගියදා නැවතත් කාදිනල්තුමන් අවධාරණය කර සිටියේ ජනාධිපති කොමිෂමේ නිර්දේශ අනුව පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර තිබුණද ඔවුන් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබද බරපතල ප්‍රශ්නයක් පවතින බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව