More

    මෝල් හිමියන් නැවතත් සහල් මිල වැඩි කරයි.

    Must read

    වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මිල යළි ඉහළ දැමීමට මෝල් හිමියන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කීරි සම්බා කිලෝව රුපියල් 30 න් හා සම්බා සහ නාඩු මිල රුපියල් 15 න් ඉහළ දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    මේ වන විට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සම්බා මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම නාඩු හා සදු හා රතු කැකැළු සහල් කිලෝවක මිලද මේ වන විට රුපියල් 145 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පවතින තත්ත්වය පාලනය කිරීම ඉතා අපහසු වී ඇති අතර, ඉදිරියේදී සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි වෙළදපොල වාර්තා පවසන්නේ.

    මීට ඉහතදීද සහල් මෝල් හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළා. එලෙස මිල වැඩිකර මාසයක් යාමට පෙර නැවතත් මිල වැඩි කිරීම තුළ සහල් මිල පිළිබද පවතින අස්ථාවර තත්ත්වය පැහැදිලිවන බවයි වෙළදපොළ වාර්තා පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව