More

    ඉන්දන පිළිබද අර්බුදයක් ? සංචිත අවසන් වෙමින් පවතින බව වෘත්තීය සමිති කියයි.

    Must read

    නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව ඇතැයිද සපුගස්කන්ද පිරිපහදුවේ දැනට තිබෙන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 දක්වා පමණක් බව වන බවද වෘත්තීය සමිති පවසනවා. බොර තෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වැනිදා බව වෘත්තීය සමිති පෙන්වා දෙන කාරණයයි.

    ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පැවැසුවේ සත්‍ය වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් පවතින බවයි. එය සැගවිය නොහැකි බවද සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළිවනු ඇති බව ද ඔහු පැවැසුවා.

    බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය සීමා කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙන තවත් කාරණයක්.

    ගබඩාවල පවතින ඩීසල් සහ පෙට්රල් සංචිත මේ වන විට අවසන්ව වෙමින්න්ව තිබෙන බවද මුතුරාජවෙල ගබඩාවේ ඇති ඉන්දන තොග අවසන් වෙමින් පවතින බවද බන්දුල මහතා පැවැසුවා.

    More articles

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව