More

    අලුත් ගුරු පත්වීම් 23,000 ක්.

    Must read

    රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 23,000ක් ගුරු සේවයට බදවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. පස්දෙනා බැගින් එක් පාසලකට අනුයුක්ත කිරීම වැඩපිළිවෙලේ සැලසුමයි. ඒ ඒ පාසල්වල අවශ්‍යතා මත උපාධිධාරි අභ්‍යාසලාභීන් පාසල්වලට යොමු කළහොත් කිසිදු ප්‍රශ්නයකින් තොරව පාසල්වල කටයුතු කර ගෙන යෑමට හැකි වන බව රජයේ අදහසයි.

    මෙලෙස පාසල්වලට අනුයුක්ත කරන පිරිසට නිසි පුහුණුවක් නැතැයි ඇතැමුන් චෝදනා එල්ල කළත් එදා ප්‍රේමදාස පාලන යුගයේදී රුපියල් 1,000 වැටුපට බඳවාගත් ගුරුවරු පිළිබඳ ඒ කාලයේ කෙසේ වෙතත් මේ කාලයේවත් කිසිවක් නොකියන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවසනවා. අලුතින් පාසල්වලට යොමු කරන පිරිස උගත් අය බැවින් ඔවුනට යම් පුහුණුවක් දීමට ඕනෑ තරම් සම්පත් තිබෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.

    වසර එකහමාරකට අධික කාලයක් ගුරුවරුන්ට පාසල්වලට පැමිණ දරුවන්ට උගන්වන්න නොහැකි වූ බවද එසේ වුවද ඔවුන් හැම මාසෙකම 20 දා මාසික වැටුප ලබාගැනීමට ගිය බවද ඇය කියා සිටියා. ඒ අය රාජකාරි නොකළත් සත පහක් අඩු නොකර වැටුප් හිමිවූ බවද පෙන්වා දෙන හදපාන්ගොඩ මහත්මිය අවධාරණය කරන්නේ, වර්ජනය කළ කාලෙත් සත පහක් අඩු නැතුව වැටුප ලබාදුන් බවයි. එමෙන්ම ආණ්ඩුව දුන්න 5,000ක අමතර දීමනාව ඇතැම් අය ආපහු බාර දුන් බව තමන්ද නිරීක්ෂණය කළ බව පැවැසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ, හරි නම් වර්ජනයට එක් වූ අය සම්පූර්ණ වැටුපම ප්‍රතික්ෂේප කරලා ආපසු බාරදිය යුතු බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව