More

    අනුන්ගේ ලේ වලින් බලයට එන්න කවුරු හෝ උත්සාහ කළා නම්, ඔවුන්ට බලය භුක්ති විදීමට ඉඩ ලැබෙන්නේ නෑ.

    Must read

    අනුන්ගේ ලේ වලින් බලයට එන්න උත්සාහ කළ හෝ කරන කිසිවෙකුට ලැබන බලය භුක්ති විදීමට ඉඩ නොලැබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කළා. එතුමන් මේ බව පැවැසුවේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකර අද පැවැති දේවමෙහෙයකදීයී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමන් මෙසේද පැවැසුවා.

    කුමන්ත්‍රණ පිටුපස ඉන්නේ කවුද යන වග හොයන්න බැරි ඇයි. ඒ ගැන හොයන්න නිලධාරීන්ට බලය ශක්තිය නොදෙන්නේ ඇයි. තමන් නිර්දෝදෝ නම් ඇයි ඒ ගැන හොයන්න දෙන්නේ නැත්තේ. තමන් වැරදිනම් පමණයි එවැනි දෙයක් කරන්නේ. වරද කළ කෙනා බලන්නේ ඒ වරද අනුන් පිට පටවලා තමන් සැගවෙන්නයි. අනුන්ගේ ලේ හලපු කිසිවෙකුට සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නෑ. අහිංසක ලේ වලින් බලයට එන්න උත්සාහ කරන හෝ බලයට ආවනම්, ඒ අයට ඒ බලය භුක්ති විදින්න ඉඩ ලැබෙන්නේ නෑ… යනුවෙන්ද කාදිනල්තුමන් අවධාරණය කළා.

    2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ත්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු මිය ගියා. ඒ අනුව ප්‍රහාරය එල්ල වී අදට මාස 30 ක් සම්පූර්ණ වුණා.

    ඒ ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට මොක් සුව පතා අද දිනයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වුණේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදීයී. අද සවස කටුවාපිටිය ‌සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී තවත් දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව