More

    ගුරුන් – සිසුන් නැති පාසල්වලට දේශපාලකයින් ඇතුළු වෙයි – ඉබි යතුරු කඩයි.

    Must read

    හබරකඩ ජනපද විද්‍යාලයට දේශපාලකයින් නීති විරෝධි ලෙස ඇතුළු වී ඉබි යතුරු කඩා දමා ඇති බව ගුරු සංගම් පවසනවා. ‌ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් ඒකාබද්ධව අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව පැවැසුවා. ගුරුවරුන් මෙන්ම සිසුන්ද නොපැමිණි පාසලකට මෙලෙස ඇතුළු වී ඇති බවද එවැනි සිදුවීම් තර්ජනයක් සේ සලකා කටයුතු කළ යුතු බවද ගුරු සංගම් අවධාරණය කරන කාරණයයි.

    මෙම මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා අවධාරණය කළේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා දුරු කර, අදාල දීමනා එකවර ලබාදීමට රජය පියවර ගත යුතු බවයි. අද සහ හෙට පාසල් නොයාමේ තීරණය සහිත වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට 98 න් සාර්ථක වී ඇති බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව