More

    ලොහාන්ගේ සිද්ධිය ගැන කඩිනම් විමර්ශණයක් සිදුකරන ලෙස පොලිස්පතිට අධිකරණයෙන් නියෝගයක්.

    Must read

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ මැදිහත්වීම ‌හමුවේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් සිදු කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) පොලිස්පතිවරයාට නියෝග කළා. අදාළ සිද්ධියට මුහුණ දුන් බව කියන රැදවියන් 8 දෙනා වහාම වෙනත් බන්ධනාගාරායකට මාරු කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙතද නියෝගයක් නිකුත් කළා.

    අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව කියමින් එම රැදවියන්  8 දෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමටද අධිකරණය අද තීන්දු කළා.

    බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාව සිටි  ලොහාන් රත්වත්තේ මහතා  අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දණ ගස්වා ඉන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් තම මූලික  අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව සදහන් කරමින් ඊට වන්දි ලබා දෙන ලෙස  ඉල්ලා රැඳවියන් අටදෙනෙකු නීතීඥවරයෙකු  මාර්ගයෙන් මෙම පෙත්සම ගොණුකර තිබුණා.

    අදාඅදාල පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයී  සලකා බැලෙන්නේ.

    රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එම්.එච් ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එම් ටී .එන් උපුල්දෙනිය,අධිකරණ ඇමැතිවරයා  සහ නීතිපතිවරයා  මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව