More

    ආරක්ෂක රැකවල් මැද ෂාරුක් මුම්බායි සිරගෙට.

    Must read

    මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතකර සිටින සිය පුත්‍රයා වන ආර්යන් ඛාන්ගේ සුවදුක් බැලීම සදහා ජනප්‍රිය නළු ෂාරුක් ඛාන් අද මුම්බායි බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. විශේෂ අවසරයක් මත ඔහුට මෙම අවස්ථාව ලබාදී ඇති බවයි ඉන්දීය වාර්තා පැවැසුවේ.

    මුම්බායි අගනුවර පැවති සාදයකට සහභාගිවී සිටි ඔහු ඇතුළු 8 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මස 02 දායී. ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න කිරීම් සඳහායි. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග රැසක් ද එහි තිබී සොයා ගැණුනා. ඔවුන්ගේ ප්‍රකාශ මත ඉදිරි කටයුතු සිදුකරන බවයි ඉන්දීය පොලිසිය පැවැසුවේ.

    කෙසේ වෙතත් ලබන 25 දා ආර්යන් ඛාන්ට ඇප ලබාගැනීම කෙරෙහි අවදානය යොමු කළ හැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පවසා ඇතැයිද ඉන්දීය වාර්තාවල දැක්වුණා.

    කෙසේ වෙතත් ෂාරුක් පැමිණෙන තුරු මාධ්‍යවේදීන් විශාල පිරිසක් බලාගෙන සිට ඇති අතර, ඔවුන්ගේ හැසිරීම පිළිබද ෂාරුක් දැඩි කණස්සල්ලට පත්ව ඇතැයිද ඉන්දීය වාර්තාවල දැක්වෙනවා. මේ තත්ත්වය තුළ ඔහු එම ගමනට සහභාගී වී ඇත්තේ විශේෂ ආරක්ෂාවක්ද සහිතවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව