More

    එන්නතටත් බිය නැති භයානක කොරෝනා ප්‍රබේදයක් ලංකාවේ හිස ඔසවයි

    Must read

    සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත කොරෝනා අනු ප්‍රබේදයක් ශ්‍රී ලංකාවෙන් හදුනාගෙන තිබෙනවා. එය බරපතල සංකූලතා ඇති කරන ප්‍රබේදයක් වන බවත් සීග්‍ර පැතිරීමක් සහිත බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවැසුවා.

    ඩෙල්ටා වර්ගයේ ප්‍රබේදයටත් වඩා වේගවත් පැතිරීමක් සහිත වීම එහි භයානක තත්ත්වයයි. ඩෙල්ටා ප්ලස් ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින්ද හමුවී තිබෙනවා. එන්නත්කරණය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තියට අභියෝග කරමින් පැතිරයාමේ හැකියාව මෙම ප්‍රබේදයේ විශේෂත්වයයි.

    එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇති අතර, මෙම නව ප්‍රභේදයට කොරෝනා එන්නත් කොතරම් දුරට ප්‍රතිචාර දක්වන්නේද යන්න මේ දක්වා පරීක්ෂණ වලින් අනාවරණ වී නැහැ.

    මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවත්, මේ වන විට එම කාණ්ඩයට ශ්‍රී ලංකාවද ඇතුලත් වෙමින් පවතින බවත්, රංජිත් බටුවන්තුඩාව මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව