More

    “මැණීගේ මගේ හිතේ” ජනප්‍රියත්වය ‘රෝ’ කුමන්ත්‍රණයක් – මහාචාර්ය නලීන්ද සිල්වා වෙනස් විදියකට ගීතය රස විදියි.

    Must read

    යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය මෙතරම් ජනප්‍රිය වීම අහඹු සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බව මහාචාර්ය නලීන්ද සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලියට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සෘජුව සම්බන්ධ වී ඇති බවයි.

    වර්ථමාන ආණ්ඩුව හා සිංහල ජනතාව දිනා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වී ඇති බවද මෙම ගීතය ජනප්‍රිය කරවීම එහි එක් කොටසක් පමණක් බවද ඔහු පෙන්වා දෙන කාරණයයි.

    ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳ ඇති අප්‍රසාදය තුරන් කිරීමේ එක් උපායක් ලෙස මෙම ගීතය හා යොහානි ඉන්දියාව විසින් යොදා ගෙන ඇති බවයි මහාචාර්ය නලීන්ද සිල්වා පවසන්නේ.

    ශ‍්‍රී ලංකාව තුළ හෝ ජනප්‍රිය නොවූ ගීතයක්,  ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය තුළ වේගයෙන් ජනප්‍රිය වූයේ ඇයිද යන කාරණය සම්බන්ධයෙන් බරපතල ලෙස සලකා බැලිය යුතු බව ඔහු පෙන්වා දෙන කාරණයක්.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව