More

    උතුරේ විදුහල්පතිවරුන්ගේ පැමිණීම 69% යි – බස්නාහිර 7 % යි – ගුරු විදුහල්පති පැමිණීම ගැන රජයට වාර්තාවක්.

    Must read

    සිසුන් 200 ට අඩු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රෙණිය දක්වා පන්ති ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සදහා ගුරු – සිසු දායකත්වය සැලකිය යුතු මට්ටමක පැවැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    ඒ අනුව ඊයේ දිනයේදී උතුරු පළාතේ විදුහල්පතිවරුන්ගෙන් 69 % ක් ද නැගෙනහිර පළාතේ විදුහල්පතිවරුන්ගෙන් 67 % ක්ද සබරගමුවේ සියයට 55 % ක්ද සේවයට වාර්තා කර ඇති බව ඇමැතිවරයා පැවැසුවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් පැමිණ ඇත්තේ 7 % ක් පමණයි.

    එමෙන්ම නැගෙනහිර සිසු පැමිණීම 39% ද උතුරු පළාතේ 21% ක් ද සබරගමුවේ සිසු පැමිණීම 18 % ක් ද ලෙස ගණනය කර තිබෙනවා. කෙසේ වෙතත් සමස්ථ සිසු පැමිණීම ගණනය වී ඇත්තේ 16% ක් ලෙසයි.

    එමෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම වැඩිම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ උතුරු පළාතෙන්. එම අගය 52% ක්. නැගෙනහිර 45 % ක් සහ සබරගමුව 26 % ක් ලෙස ගුරුවරුන්ගේ පැමිණීම ගණනය කර තිබෙනවා.

    ලබන සතිය වන විට අධ්‍යාපන ක්‍රියාවලිය තවදුරටත් සාර්ථක කර ගැනීමට හැකි වෙනු ඇති බවයි ඇමැතිවරයා පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව