More

    පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි.

    Must read

    පලමු වතාවට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණය වාර්තා වුණා. ඒ ගාල්ල කරාපිටිය රෝහලෙන්.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නිව්මෝනියාව වැළඳීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් තිබුණේ සැප්තැම්බර් මස 29 වනදායී. ඔහුගේ සිරුරේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකිරීමටද පියවර ගෙන තිබුණා.

    එම වාර්තාව අද නිකුත් වූ අතර, එහි දැක්වෙන්නේ කොරෝනා ආසාධිතව මියගිය අයගේ පෙනහැල්ලේ කළු දිලරය ආසාදනය තිබූ බවයි.

    වෛද්‍ය පර්යේෂණායතනයේ දිලිර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිමාලි ජයසේකර මහත්මිය විසින් මෙම පරික්ෂණය සිදු කර තිබෙනවා. මෙලෙස මිය ගිය අය 56 හැවිරිදි වියේ පසුවූ බවයි කරාපිටිය රොහල් අධ්‍යක්ෂවරයා පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව