More

    ගිං නිල්වලා ව්‍යාපෘතියේ කෝටි ගණන් මුදල් නිරූපමාගේ ගිණුම්වලද ? දයාසිරි හඩනගයි – පරීක්ෂණයකුත් ඉල්ලයි.

    Must read

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ක්‍රියාත්මක වූ ගිං නිල්වලා ව්‍යාපෘතියට වෙන් කළ කෝටි ගණනක මුදල් නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සහ තිරුනඩේසන් මහතාගේ ගිණුම්වලට ගොස් ඇති බවට කෙරෙන චෝදනාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශණයක් සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළා.

    කිසියම් චෝදනාවක් එල්ල වූ කිසිවෙකුට නැවැත තනතුරු ලබාදීමක් රාජ්‍ය හෝ පෞද්ගලික සේවාවන් තුළද ක්‍රියාත්මක නොවන බව පැවැසූ ජයසේකර මහතා අවධාරණය කළේ එම නියමයන් දේශපාලනයට ද අදාල කරගත යුතු බවයි. එසේ නොමැති නම් රටේ අනාගතය අදුරු දිශාවකට යොමු වීම වැලැක්විය නොහැකි බවද ඔහු පැවැසුවා.

    එබැවින් නිරූපමා රාපක්ෂ සහ ඇගේ සැමියා වන තිරූ නඩේෂන් මහතාද සෙසු පාර්ශවද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හමුවට කැදවා පවතින ගැටළුව හදුනාගෙන ක්‍රියාත්මක විය යුතු බවද දයාසිරි ජයසේකර මහතා යෝජනා කළා.

    එහිදී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කරමින් පැවැසුවේ අදාල යෝජනාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා විපක්ෂයේ සහය ලබාදෙන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව