More

    වෙළද හිගය ඩොලර් මිලියන 5509 ක් දක්වා ඉහළට.

    Must read

    2021 වසරේ මුල් මාස 08 තුළ වෙළද හිගය හෙවත් අපනයන හා ආනයන අතර පරතරය ඩොලර් මිලියන 5509 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ එම කාලයට අදාලව පැවැති ‌වෙළද හිගය දැක්වෙන්නේ ඩොලර් මිලියන 3812 ක් ලෙසයි.

    අපනයන ධාරිතාවට වඩා ආනයන වියදම් වැඩිවීම මෙම තත්ත්වයට හේතුවයි.

    කෙසේ වෙතත් මහබැංකුව පවසන්නේ අපනයන ආදායම ඩොලර් මිලියන 7903 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය සියයට 22 ක ඉක්මවූ වර්ධනයක්. එමෙන්ම ආනයන වියදමද සියයට 30 ඉක්මවන අගයකින් වර්ධනය වී ඇති අතර, ආනයන වියදම ඩොලර් මිලියන 13411 ක් ලෙස ගණනය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව