More

    පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට – වාර්තා අසත්‍ය බව ජනපති ලේකම් කියයි.

    Must read

    ඉන්දියාවෙන් මෙරටට නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින ‘‘United farmers trust Ltd’’ සමාගමට බැංකු ගිණුමක් විවෘත කර මහජන බැංකු මූලස්ථානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම දෙකක් හෙවත් රුපියල් කෝටි 29ක මුදලක් බැර කර ඇති බව අනාවරණ වී ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් කරුණු අනාවරණ කර තිබෙනවා. එමෙන්ම මෙම ගිණුම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත් පවා බැංකුවට ලබා දී නොමැති බවද එම වාර්තාවල දැක්වුණා.

    මෙම ගිණුම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහජන බැංකුවේ නගර ශාඛාවට දිගින් දිගටම බලපෑම් කර ඇති බවද  මොහාන් ටී. පෙරේරා හා පී.වී.ජී.එම්. වීරසිංහ යන දෙදෙනාගේ නම්  වලින් ඒකාබද්ධ ගිණුම විවෘත කර ඇති බවද ඔක්තෝබර් දහ අට වැනි සඳුදා එම ගිණුම් විවෘත කර ඇති බවද සදහන්. එමෙන්ම  එදිනට රුපියල් කෝටි විසිනවයක මුදලක් බැර කර ඇති බවත් මෙම මුදලින් නයිට්‍රජන් පොහොර ගෙන්වීම සඳහා වියදම් කර ඇත්තේ රුපියල් කෝටි නවයක් පමණක් බවත් වාර්තා වනවා.

    ගිණුම ආරම්භ කිරීම සදහා ගිණුම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත් හෝ බැංකුවට ලබා දී නොමැති බවද අනාවරණය වී තිබෙනවා. මෙම මුදල් සමාගමට යොමු කර ඇති අතර ගිණුමේ ඉතිරිව තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් වහාම රුපියල්වලට මාරු කර දෙන ලෙස ගිණුම් හිමියන් බලපෑම්ද එල්ල කර ඇති බවත්, ඒ සදහා ජනාධිපති කාර්යාලයේ ඉහළ බලධාරියා බැංකු නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබුණා.

    මෙම ගිණුමේ එක් පාර්ශවයක් වන මොහන් ටී. පෙරේරා යන අය යහපාලන රජය සමයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක සමග කිට්ටු සම්බන්ධයක් පැවැති පුද්ගලයෙක්.  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ මොහාන් ටී.පෙරේරා යන අය සිය පෙම්වතියද සමග එම සංචාරයට එක්ව සිටියා.  එම පෙම්වතියගේ ඡායාරූපය සමාජ ජාලාවල ප්‍රචාරය විමද විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වීමටද එකල දක්නට ලැබුණු සුවිශේෂී තත්ත්වයක්.

    මේ පිළිබඳව මහජන බැංකු සභාපතිවරයාගෙන් මාධ්‍ය විමසා ඇති අතර, එහිදී සභාපතිවරයාද පවසා ඇත්තේ දියර පොහොර ගෙන්වීමට අදාළ මුදල් සම්ප්‍රේෂණය කිරීමට ගිණුමක් විවෘත කර ඇති බවයි. ඉතිරි මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් රුපියල් කර ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් මහජන බැංකුවේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

    කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අදාල ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා පොලිසියට උපදෙස් ලබාදුන් බවද එම නිවේදනයේ දැක්වුණා.

    එහෙත් මෙම සති අන්ත පුවත්පතක් මෙම වාර්තාව සම්පාදනය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ අනාවරණයට අනුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව