More

    නැවතත් දැඩි සංචරණ සීමා පැනවීමේ අවදානමක් ?

    Must read

    දිවයිනටම අදාල වන පරිදි නැවත සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා. ඔහු පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්ලස් වැනි නව ප්‍රබේදයක් පිළිබද සාකච්ඡා කරන කාලයක ජනතාවගේ හැසිරීම පිළිබද කිසි විටෙක සෑහීමකට පත්විය නොහැකි බවයි.

    දැනට ක‍්‍රියාත්මක පලාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමටයි රජය දැනට තීරණය කර තිබෙන්නේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ  සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීමෙන් සිටින බවක් නිරීක්ෂණය වන බවයි.

    මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වීමේ අවදානමක් පවතින බවද එසේ වුවහොත් නැවත සීමා පැනවීමට සිදු ඇතැයිද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව