More

    සදුදාටත් වර්ජනය කිරීමට ගුරු සංගම් තීරණය කරයි.

    Must read

    සදුදා (25) දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසුවේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය දියත් කරන බවයි.

    සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30 න් පසුව අදාළ උද්ඝෝෂණ දිවයින පුරා සංවිධාන කිරිමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවැසුවේ.

    ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වූ විසදුමක් පිළිබද මේ දක්වා රජය තීරණයක් ලබාදී නොමැති බැවින් ගුරුවරුන් සටන අත්හැරීමට සූදානම් නොමැති බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව