More

    පෝරකයට නියමවී සිටින සිරකරුවන්ට නිදහස දීමට සම්මුණ පරීක්ෂණය්.

    Must read

    මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දා සිරදඬුවම නියම වූ සිරකරුවන්ට ලබාදී ඇති දඬුවම ලිහිල් කර පොදු සමාව යටතේ සමාජගත කිරීම සලකා පිළිබද බැලීමේ සම්මුඛ පරීක්ෂණ මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිති.

    ඒ සදහා සම්මුඛ පරීක්ෂ කමිටු බන්ධනාගාර මට්ටමින් පිහිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. මරණ දණ්ඩනය නියම වූ 524ක් හා ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ 203ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම තීරණය කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවැසුවා.

    මරණ දඬුවම නියම වී සිටින සම්පූර්ණ ගණන 1273ක්. ඒ අතරින් 749 දෙනකු අභියාචනා ඉදිරිපත්කර තිබෙන අයයි. ඒ අනුව ස්ථිරව මරණ දණ්ඩනයට නියම වී සිටින 524 කු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කිරීමට නියමිතයි.

    ජීවිතාන්ත සිරදඬවුම නියම වූ සම්පූර්ණ ගණන 343ක් වන අතර 140 දෙනකු අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

    අධිකරණ අමාත්‍යාංශයෙන් පත් කළ ධනසිංහ කමිටු වාර්තාවට අනුව ඉදිරිපත්ර කර ඇති නිර්දේශ මෙහිදී ‌උපයෝගී කරගන්නා අතර, ඒ අනුව මරණ දඬුවම නියම වී වසර පහක සිරදඬුවමක් නිමා කර ඇති සිරකරුවන්ට එය ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා නිර්දේශ කළ යුතු බවයි එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන්නේ. සිරකරුවන්ගේ වයසද, සෞඛ්‍ය තත්ත්වය වැනි කාරණාද මෙහිදී සලකා බැලිය යුතු බවට එමගින් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර නිර්දේශ මත පොදු සමාව සහිතව නිදහස ලබාදීම සම්බන්ධයෙන්ර අවසන්ය තීරණය ගැනීමේ බලය හිමිවී ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය වෙතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව