More

    මම ආවේ පරිප්පු, හාල් මිල බලන්න නෙමෙයි.

    Must read

    ජනතාව විසින් තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් වන කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ අක්කර 16ක් පුරා පිහිටි සාරවත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේයී. නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන පොහොර නිපදවා ගැනීම මෙම ගොවිපළේ විශේෂත්වයයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවැසුවා.

    “අපේ පහුගිය රජයවල් පවා කාබනික පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට උත්සහය ගත්තා. ඒක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නෙමෙයි කියලයි. එහෙමනම් වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන් කෘෂි කර්මාන්තය ගැන.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව