More

    කළුතර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයෙක් සමගි බලවේගයට…

    Must read

    පසුගිය මහා මැතිවරණය සදහා කලුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කල ප්‍රබලයෙකු සමගි ජන බලවේගය සමග එකතු වීමට නියමිතව තිබෙනවා. මොහු යහපාලන රජය පැවති සමයේ රාජ්‍ය ආයතන ගණනාවක ක්‍රියාකාරී අධ්‍යක්ෂ, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හා සභාපති ඇතුළු තනතුරු ගණනාවක කටයුතු කල අයෙකු වන බවටද තොරතුරු වාර්තා වුණා.

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිපෙළ තරුණ නායකයෙකුද වන ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයෙකු වන බවයි ‌දේශාපාලන ආරංචි පවසන්නේ.

    පසුගිය කාලය පුරාවට කලුතර දිස්ත්‍රික් කළමනාකරු සහ ආසන සංවිධායකවරයෙකු ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිරතුරුව පෙනී සිටි අයෙකු වන ඔහු එජායේ කැපීපෙනෙන තරුණ නායකයෙකුද ලෙසද හැදින්වෙනවා.

    එමෙන්ම සුප්‍රකට කුරුදු පොලු නඩුවේ ප්‍රධාන විත්ති කරුවෙකුද වන මෙම සංවිධායකවරයා ඉදිරි දින කිහිපය තුළ සමගි ජනබලවේගය සමග එක්වීමටත්, ඔහුට විශේෂ තනතුරක් ලබාදීමට සජිත් ප්‍රෙමාදාස මහතා තීරණය කර ඇති බවත් විශෟවාස කටයුතු ආරංචි වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව