More

    ආණ්ඩුවේ අය සුසිල් එක්ක කල්ලි ගැහෙයි.

    Must read

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ උද්වේගකාරී ප්‍රකාශයත් සමග යම් යම් කලකිරීම් සහිත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ද සිය ක්‍රියාකාරීත්වයන් දැඩි කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි පවසනවා.

    ඔවුන් පසුගිය දින දෙක තුළ සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග මුහුණට මුහුණ සාකච්ඡෘ සිදුකරමින් විවිධ සැලසුම් සකස් කිරීමටත්, මුලින් ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට අරගල කළ යුතු බවටත් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කළ යුතු බවයි තවත් අය යෝජනා කර තිබෙන්නේ.

    මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් කටයුතු කළද පසුගිය කාල සීමාව පුරාම ඔවුන්ගෙන් කිසිදු වැඩක් නොගෙන පසෙකට කොට තැබීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

    ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත කිසියම් ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ විය යුතු බවත්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පාර්ලිමේන්තු සහභාගීත්වයකින් තොරව සිදුවන්නේ නම්, ඊට කිසිසේත් සහයෝගය ලබානොදිය යුතු බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදාල නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලදීද අවධාරණය කර ඇති බවත් ‌එම ආරංචි පැවැසුවා.

    පසුගියදා ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසුවේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් වන බවයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එක එක තැන්වල හැදෙන නීති සම්මත කිරීම සදහා අත එසැවීමට තමන් සූදානම් නොමැති බවයි.

    යහපාලන රජය සමයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ බවත්, එම ක්‍රියාධාමය නිවැරදි ක්‍රමවේදවලට අනුව සිදුවූ බවත් ඔහු පැවැසුවා.

    එමෙන්ම විෂය දන්නා අයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට විනාඩි 11 ක් වැනි අඩු කාලයක් ලබාදී කුණුහරුප කතාකරන අයට වැඩි කාලයක් ලබාදෙන බවටද ඔහු චෝදනා කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව