More

    රටම අදුරු වෙයි – තෙල් නැති වෙයි – වෘත්තීය සමිති මාරාන්තික වර්ජනයකට සැරසෙයි.

    Must read

    යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට පියවර ගැනීම ඇතුළු රජයේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට විදුලිබල, වරාය හා තෙල් සංස්ථා වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. එම වෘත්තීය අරගලය ලබන සතියේ සිට ආරම්භ කරන බවයි ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු වන රංජන් ජයලාල් මහතා පැවැසුවේ.

    මෙම වරාය, තෙල්, විදුලි සේවක ඒකාබද්ධ වැඩවර්ජනය රටටම දැනෙන අරගලයක් විය හැකි බවද ඔහු පැවැසුවා. යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම නතර කරන ආකාරයක් දක්නට නොලැබෙන බවද පැවැසූ ජයලාල් මහතා කියා සිටියේ එම එකගතා ආපසු හැරවීමට වෘත්තීය සමිත සූදානම් බවයි.

    එබැවින් වෘත්තීය ක්‍රියාමාර්ගය ස්ථිර බවද පැවැසූ ඔහු අවධාරණය කළේ ‌විදුලි, තෙල් හා වරාය එක විට වැඩ වර්ජනයකට යාම රටට දරාගත නොහැකි තත්ත්වයක් විය හැකි බවයි. එහිදී ජනතාවට අදුරේ සිටීමට සිදුවිය හැකි බවත්, රූපවාහිනී බැලීමට ඉඩ නොලැබිය හැකි බවත්, කර්මාන්ත නතරවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

    එසේ වුවද රට රැක ගැනීමේ ක්‍රියාවලියට මූලිකත්වයක් ලබාදීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව