More

    කොරෝනා විකෘති වෙයි – ප්‍රබල ප්‍රභේද බිහි වෙයි – එන්නත ගැන පමණක් විශ්වාසය තැබීම වැරදියි.

    Must read

    කොරෝනා මර්ධන එන්නතෙන් ඕනෑම කොරෝනා ප්‍රභේදයකට රැකවරණයක් ලැබුණත් ඇතැම්විට එම තත්ත්වය අබිභවන ප්‍රබේද නිර්මාණය වීමටද ඉඩ කඩ පවතින බව ඖෂධ නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා ‌වෛරසය නිරන්තරයෙන් ජාන වෙනස් කරගන්නා වෛරස් ප්‍රභේදයක් වන බවයි. එබැවින් ඕනෑම මොහොතක ඕනෑම තැනක ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයටත් වඩා ප්‍රබල ප්‍රභේද නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

    එවැනි ප්‍රභේද බිහිවීම තුළ එන්නත් මගින් ලබාදෙන ආරක්ෂාව අබිභවා යාමේ හැකියාවක් හා අවදානමක් පවතින බවද පෙන්වා දෙන චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටින්නේ එන්නත පිළිබද පමණක් 100% ක විශ්වාසයක් තැබීම වැරදි බවයි.

    එබැවින් එන්නත ලබා ගත්තද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිපදිමින් ඒවා සිරිතක් බවට පත්කර ගැනීම ඉතා වැදගත්ම කාරණය බවද ඔහු ප්‍රකාශ කළා.

    මේ දක්වා සිදුකරන ලද අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ මත්පැන් පානය කරන ස්ථානවලින් කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරී ගොස් ඇති බවයි. එබැවින් එවැනි තත්ත්වයන් කෙරෙහි අවදානය යොමු කිරීම සමාජයේ වගකීම වන බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව