More

    අනුරූ දෙකකට ගිනි තියන්න දයාසිරි ගොවීන්ට ගිනිසිළු දෙයි.

    Must read

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල කිරීමෙන් හෝ ඔහුගේ අනුරූ ගිනිදැල්වීමෙන් පොහොර ප්‍රශ්නයට විසදුම් නොලැබෙන බව දයාසිරි ජයසේකර ඇමැතිවරයා පවසනවා.

    කුරුණෑගල පැවැති ජනහමුවකදී ඔහු පැවැසුවේ හදිසියේ කාබනික පොහොර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදුන් අනුරුද්ධ පාදෙණිය හා මහාචාර්ය යාපා යන අය විසින් බවයි. එබැවින් මේ ඇති කළ තත්ත්වයට විරෝධය දැක්වීම සදහා ඔවුන්ගේ අනුරූවලට ගිනිතැබිය යුතු බවයි ඔහු පැවැසුවේ.

    එමෙන්ම කාබනික පොහොර ව්‍යාපෘතිය ඉතා හොද ව්‍යාපෘතියක් බවද පැවැසූ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙල අවුරුදු 10 ක කාලයකදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබු බවයි. පිළිකා, වකුගඩු වැනි රෝග තත්ත්වයන්ට ජනතාව ගොදුරුවන වාතාවරණය වෙනස් කිරීමට කාබනික වගාවට යොමු විය යුතුම බව පැවැසූ ජයසේකර මහතා පැවැසුවේ මෙම ව්‍යාපෘතිය 50% – 50% අනුපාතයට ආරම්භ කර ක්‍රමයෙන් ඉලක්ක වෙත පිවිසීමට අදාලව සැලසුම් විය යුතු බවයි.

    එවැනි තත්ත්වයක් තිබියදී පාදෙණිය හා යාපා යන අයගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් රටතුළ බලවත් අර්බුදයක් නිර්මාණය වී ඇතැයිද රජයද ඉතා අසීරුතාවකට පත්ව සිටින බවද ඔහු පැවැසුවා.

    මේ තත්ත්වය තුළ මහින්දානන්ද ඇමැතිවරයා අවලාදයට ලක්වන බවත්, ව්‍යාපෘතියට උපදෙස් ලබාදුන් තැනැත්තන් සුවසේ හා යහමින් සමාජයේ කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව