More

    ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.

    Must read

    මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් රජය පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කාබනික පොහොර වගාවට ආදේශ කිරීමේ යහපත් වැඩපිළිවෙල ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාවට කාබනික පොහොර බෙදා දීම වෙනුවෙන් ගල්ඔය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබුණා.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ, “ගොවියා කියන්නේ මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු කෙනෙක් බවයි. එහෙම තමයි අපි අහල තියෙන්නෙ. ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම ගොවියෙක් නෑ.

    රූපවාහිනී නාලිකාවල කාබනික වගාව අපට කරන්න බෑ රසායනික පොහොර දියව් දියව් කියලා උද්ඝෝෂණය කරන හුඟක් අය පිළිබඳ, රහස් පොලිසිය සොයා බැලීමක් සිදුකළ බවද වගාවට සම්බන්ධයක් නැති අය වැඩියෙන් උද්ඝෝෂණ කරන බව එහිදී අනාවරණ වූ බවද රාජපක්ෂ මහතා පැවැසුවා. එහෙම නැත්නම් කාබනික වගාවන් පිළිබඳ අබමල් රේණුවකවත් දැනුම්ක් නැති පුද්ගලයො තමයි මේ උද්ඝෝෂණය කරන්නේ යැයිද ඒ මහතා කියා සිටියා.

    කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන ඇති බවත්, එය ජාතියේ යහපත වෙනුවෙන් ගත් තීන්දුවක් බවත් ඔහු පැවැසුවා. ඒමෙන්ම හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාද වන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවද වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ සිට ජනාධිපතිවරයා කටයුතු නොකරන බවද ඇමැතිවරයා අවධාරණය කළා.

    එහෙම තීරණයක් ගන්න පුළුවන් නායකයෝ හරි අඩුයි. බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක්. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා යැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව