More

    ජේෂ්ඨ සාමාජික රාජා නෙරපයි.

    Must read

    රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කළේ මධ්‍යම කාරක සභාව රැස්වී ඔහු පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බවයි.

    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, අද (24) පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත කිරීමෙන් අනතුරුව රාජා කොල්ලුරේ මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

    පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වුණා. පක්ෂයට නව සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි.

    ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවද ඔහු කළ ප්‍රකාශය මීට ආසන්නම හේතුවයි. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තමන් වෙත පැවැරී ඇති බලතල අනුව ‌වර්ජනයට දායක වෙමින් සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැ‌ටුප් ලබානොදීමට පියවර ගන්නා බවයි ඔහු පසුගියදා පවසා තිබුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව