More

    තරුණයින්ට රට එපා වෙලා – දහම් ඉනිම අරඹයි.

    Must read

    වර්තමාන තත්ත්වයන් හා ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී සිටින බව දහම් සිරිසේන මහතා පවසනවා. එම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බව පැවැසූ ඔහු පෙන්වා දුන්නේ, එය කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් වන බවයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව තම පියාගේ හදවත බවද ඉදිරියේදී පොලොන්නරුව ජනතාවට මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව පෙනී සිටීමට තමන් සූදානම් බවද ඔහු අවධාරණය කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතා පත්කර ඇති අතර, ඒ සදහා පැවැති උත්සවයකදී ඔහු ඉහත අදහස් දැක්වීම සිදුකළා. මීට පෙර ඔහු පත්කර තිබුණ් පොළොන්නරුව ආසන තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව