More

    පාසල් යන දරුවන් ගැන සැලකිලිමත්ද ? ‌දෙමාපියන්ට විශේෂ උපදෙස් මාලාවක්.

    Must read

    පාසල් යන දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ‌විශේෂයෙන්හා ආපනශාලාවලින් ආහාර ලබාගැනීමට අවස්ථාව උදා නොකරන ලෙසයි වෛද්‍යවරුන් ‌දැනුම් දෙන්නේ.

    කොරෝනා අවදානම හේතුවෙන් නිවසේ සකසන ලද ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්.

    පෙර පුරුදුවලට අනුව ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් කටයුතු කළහොත් කොරෝනා වයිරසය පහසුවෙන් නැවතත් දරුවන් මගින් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    එමෙන්ම පාසලට පැමිණීමේදී විෂබීජනාශක දියර බෝතලයක්, අමතර මුහුණු ආවරණයක් දරුවාට ලබාදීමටද පියවර ගත යුතුයි.

    දරුවන් මුහුණු ආවරණ පැලඳ පාසලට පැමිණීම අත්‍යවශ්‍ය බවද එම දරුවන් මුහුණු ආවරණ පැලඳ සිටිනවාද යන්න පිළිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් විමසිල්ලෙන් සිටිය යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිබෙනවා.

    එමෙන්ම සාමූහිකව ආහාර ගැනීම සදහා ඉඩ ලබානොදිය යුතු බවද මුව ආවරණ ඉවත්කරන සෑම අවස්ථාවකම දරුවන් දුරින් සිටිය යුතු බවද වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව