More

    ජාතික රූපවානියත් බංකොලොත් – පඩි ඉල්ලා සේවකයින් ඇතුලේ අරගලයක – සභාපති කුටියත් වටලයි (video)

    Must read

    ජාතික රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සේවකයින් පවසන්නේ මාසික වැටුප ලබාගැනීමට දැන් අරගල කිරීමට සිදුව ඇති බවයි. මෙම මාසයට අදාල වැටුප මේ දක්වා සේවකයින් වෙත ලබාදීමට රූපවාහිනී පාලනාධිකාරිය අසමත් වී තිබෙනවා.

    යහපාලන රජය සමයේ රූපවාහිනියේ කටයුතු වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 40 ක් ලබාදීමේ වැඩපිලිවෙලක් සම්පාදනය කර තිබුණද වර්තමාන රජය එම වැඩපිළිවෙල අවලංගු කර ඇති බවත්, වැටුප් ගෙවීම ඇතුළු සෙසු කටයුතු ඇන හිටීමට එය බාධාවක් වී ඇති බවත් රූපවාහිනී සේවකයින් පවසනවා.

    පවතින ගැටළුවලට විසදුම් ඉල්ලා සේවකයින් අද රූපවාහිනි සභාපතිවරයාගේ කාර්යාලය වටලා දැවැත්ත විරෝධතාවක නිරත වුණා. රූපවාහිනියේ සමස්ථ සේවක ප්‍රජාව 800 ට ආසන්නයි. ඔවුන් බහුතරයක් අද පැවැති විරෝධතාවට එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මේ අතර සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා ඇත්තේ, වැටුප් ලබාදිය හැකි දිනයක් තමන්ට පොරොන්දු විය නොහැකි බවයි. අඛණ්ඩව සිය කටයුතු ගැටළුවකින් තොරව පවත්වාගෙන ගිය ජාතික රූපවාහිනිය මේ වන විට පරිහාණියට පත් මාධ්‍ය ව්‍යුහයක් බවට පත්ව ඇතැයිද වර්තමාන පරිපාලනය ඇතුළු රජය ඊට සම්පූර්ණයෙන් වගකිව  යුතු බවද සේවක ප්‍රජාව අවධාරණය කළා.

    කෙසේ වෙතත් රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී පවසා ඇත්තේ හෙට දිනයේ වැටුප් ලබාදීමට උපරිම වෙහෙසක් ගන්නා බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව