More

    අයවැයේදී සජිත් පිලේ දෙදෙනෙක් ආණ්ඩුවට යනවාලු ?

    Must read

    අයවැය විවාදයට සමගාමීව විපක්ෂයෙන් ආණ්ඩුවට සිදුවන පිල්මාරුවන් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි යන දෙදෙනා මෙලෙස ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ ජනතා අප්‍රසාධය ආණ්ඩුවට එල්ල වෙමින් පවතින මෙවැනි අවස්ථාවක මොලේ ඇති කිසිවෙක් ආණුවට නොයනු ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇතැයිද ඔවුන් සිය කැමැත්තෙන් ආණ්ඩුවට යන්නේ නම්, එය වැලැක්වීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ඔහු පැවැසුවා.

    එසේ වුවද මෙවැනි ආකාරයේ සිද්ධියක් සිදුවන්නේ නම්, ඒ කුමන කාරණයක් කොන්දේසියක් හෝ ගණුදෙනුවක් මත සිදුවන්නේද යන්න පිළිබද අවදානය යොමු වී ඇති බවත්, ඒ පිළිබද පුළුල්ව තොරතුරු සොයා බලමින් සිටින බවත් සමගි ජනබලවේගයේ ප්‍රකාශකයා පැවැසුවා.

    එමෙන්ම ආණ්ඩුවට විපක්ෂයෙන් එකතුවන සාමාජිකයින් වෙත අමාත්‍යධූර හෝ රාජ්‍ය අමාත්‍යධුර වෙන්කිරීමටද රජයේ පාර්ශවය කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව