More

    පරණ ක්‍රම ඉවරයි – මුදල් ගණුදෙනු සදහා කේත ක්‍රමයක්.

    Must read

    කඩදාසි රහිත මුදල් ගනුදෙනු වෙනුවෙන් වූ අවස්ථාව ප්‍රවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අරමුණ පෙරදැරිව ”QR කේත ක්‍රමවේදයට” අනුගත මුදල් ගනුදෙනු ප්‍රචලිත කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ බැංකු මූලස්ථානයේදී ප්‍රකාශයට පත්කළා.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය මත මෙරට බැංකු හා වාණිජ ආයතන ගණනාවක ගනුදෙනු QR සංකේත ක්‍රමවේදය අනුව සිදු කිරීමේ පහසුකම ජනතාවට ලබාදීම මෙහි අරමුණයි.

    ‍‍මෙම අවස්ථාවේ උත්සව සභාව ඇමතූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සහ ඩිජිටල්කරණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ අද ලෝකය දිහා බලන විට මුළු ලෝකයම නවීකරණය වෙමින් පවතින බවයි. එමෙන්ම ලෝකයේම ජනතාව ගනුදෙනු සඳහා නව ක්‍රමවේද භාවිතා කිරීමත් දක්නට ලැබෙන බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාවද ලෝකය සමග ඉදිරියට යාමට සූදානම් විය යුතු බවත් ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව