More

    රුසියාවට ගිය යුද හමුදාපතිවරයාට රුසියානු හමුදාවේ උත්තමාචාරය.

    Must read

    රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියානු හමුදාවේ ගෞරව මැද සිය සංචාරයෙය් ඉදිරි වැඩපිළිවෙල ආරම්භ කළා. මොස්කව් නුවරදී එරට හමුදා ගෞරවාචාරය පිරිනැමුණු ආකාරය රුසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

    ශ්‍රී ලංකා හමුදාපතිවරයා වෙනුවෙන් ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම්ලත් සම්මාන ආචාර පෙළපාළියක් සංවිධාන කර තිබු බවද එම වාර්තාවල දැක්වුණා.

    රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ ආරාධනයකට අනුවයි.

    ගෞරවාචාරවලින් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමටද පියවර ගෙන තිබුණා.

    යුද හමුදාපතිවරයා රුසියානු ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමටද නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව