More

    මගහැරුණු පාඩම් ආවරණ කිරීමට දින 100 යේ වැඩපිළිවෙලක් – සෙනසුරාදාටත් පාසල් පැවැත්වීමට යෝජනා.

    Must read

    කොරෝනා තත්ත්වය හේතුවෙන් අතපසු වූ පාඩම් ඉගැන්වීම සදහා පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමකට හෝ සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කර ඇත්තේ ඒ පිළිබද සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි.

    2020 වසරේ සියයට 40ක්ද මෙම වසරේ සියයට 60ක්ද වශයෙන් සිසුන්ගේ පාඩම් අතපසුවී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. අත්‍යවශ්‍යම විෂය කරුණු ආවරණය කිරීමට යම් වැඩපිළිවෙලක අවශ්‍යතාව මතු වී ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

    එමෙන්ම පහ ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භ කිරීමෙන් අනතුරුව එම පන්තිවල සිසුන්ගේ අතපසු වූ විෂය කරුණු දින 100 ක් ඇතුළත ආවරණය කිරීමේ වැඩපිළීවෙලක්ද සැලසුම් කර තිබෙනවා.

    2022 වසරේ මාර්තු මස වන විට අතපසු වූ පාඩම් සියල්ල ආවරණය කිරිම අමාත්‍යංශයේ සැලසුමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව