More

    හේෂාගෙයි – චමින්දගෙයි ප්‍රමෝෂන් ඉවරයි.

    Must read

    හේෂා විතානගේ හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වන බවත්, එවැනි ප්‍රචාරයක් සිදුවෙමින් පවතින මොහොතක සිය ආසන සංවිධායකධූරවලින් ඉවත්වීමත් කිසියම් සැලසුමකට අනුව සිදුවූවක් බවට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. දේශපාලන ආරංචි පවසන්නේ මෙම සියළු ප්‍රචාරයන් ඔවුන්ගේ අනුදැනුම මත සිදුවූවක් බවයි.

    ගිලිහී ඇති අවදානය දිනා ගැනීම ඔවුන්ගේ මූලික සැලසුම වී ඇතැයිද එම ආරංචි පවසනවා. සමගි ජනබලවේගය තුළද සැලකිය යුතු ප්‍රසාධයක් ඔවුන් කෙරෙහි එල්ල නොවන තත්ත්වයක් උද්ගතවී ඇත්තේද ජේෂ්ඨයින් විවේචනය කිරීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන්.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ ජේෂ්ඨ සාමාජිකයෙකු පැවැසුවේ හේෂා විතානගේ හා චමින්ද විජේසිරි යන තරුණ නියෝජිතයින්ට පක්ෂය තුළ හා පක්ෂයේ සෙසු ක්‍රියාකාරකම්වලදී කටයුතු කිරීම සදහා උපරිම නිදහසක් හා අවස්ථාවක් ලබාදී ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ වෙනස් ආකාරයේ තත්ත්වයන් නිර්මාණය කිරීම පරිණත දේශපාලඥයෙකුගේ වගකීම නොවන බවද ඔහු අවධාරණය කළා.

    එමෙන්ම එවැනි නිදහසක් සහිත මොහොතක මෙවැනි ආකාරයේ හැසිරීම් ආණ්ඩුවට හුස්ම දීමක් ලෙස හැදින්විය හැකි බවද එම ප්‍රකාශකයාගේ අදහසයි.

    ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් හේෂා විතානගේ පැවැසුවේ සමගි ජනබලවේගය යටතේ සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙන ඒම තමන්ගේද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඒකායන අභිලාශ්‍ය බවයි. කෙසේ වෙතත් එම ගමනට පක්ෂයේ ඇතැමුන් බාධා කරමින් සිටින බවද එම තත්ත්වයන් නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අවබෝධ කරගත යුතු බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම තමන්ට රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරගෙන යාමට යම් යම් බාධා එල්ලවෙම්න් ඇති බවද එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන් ආසන සංවිධායකධූරයෙන් ඉවත් වූ බවද ඔහු කියා සිටියා. ඒ අනුව උපකල්පනය කළ හැක්කේ හේෂා මන්ත්‍රීවරයා මෙලෙස ‌තලතා අතුකෝරාළ මන්ත්‍රීවරියට වක්‍රාකාරයෙන් චෝදනා කළ ආකාරයකි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව