More

    අදානිගේ අපේක්ෂාව ට්විටර් සටහනක ලියවෙයි.

    Must read

    ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ බව ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන ගෞත් අදානි පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව මෙම ව්‍යාපෘති පිළිබඳද සිය අවධානය යොමු වූ බවයි.

    එමෙන්ම ඔහු ජනාධිපතියරයා හා අගමැතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ බවද පවසා තිබෙනවා.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදානිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු වී ඇති බවයි. පුණර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එකක් හෝ කිහිපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඇතැම් විට අවදානය යොමු විය හැකි බවද එම වාර්තාවල දැක්වෙනවා.

    අදානි සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරිමට කටයුතු කළා. එමෙන්ම ඒ පිළිබද රජයේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමටද ඔහු පියවර ගෙන තිබුණා.

    ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පුළුල් සාකච්ඡා සිදු කිරීමටද අදානි මහතා පියවර ගත් අතර, එහිදී කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් අවදානය යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව