More

    දූවරුන් දෙදෙනා මරා දමයි – ලාංකීය මවක් ඉතාලිය කළඹයි.

    Must read

    ශ්‍රී ලාංකික මවක විසින් ඇයගේ එකොළොස් හැවිරිදි සහ තුන් හැවිරිදි වයස්වල පසුූ ගැහැනු දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කලා. ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි මවක විසිනුයි මෙම ඝාතන සිදුකර තිබෙන්නේ. ඇය එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

    ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු පදිංචිව සිටි නිවසේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරෝනා පොලිසිි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඝාතනය සිදුකළ බව කියන කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. මානසික ව්‍යාධියක් වැනි තත්ත්වයක් මෙම කාරණයට හේතු වී ඇතිද යන්න එරට පොලිසිය සැකකරන කාරණයයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ ඉතාලියම කැළඹීමකට ලක්ව ඇති අතර, ඝාතයය සිදුවූ ස්ථානයට එම ප්‍රදේශයේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේ යන අයද පැමිණ තිබෙනවා. ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන්මි දැඩි කම්පාවකට පත්ව සිටින බවයි එරට වාර්තා පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව