More

    ඉන්න පුළුවන්නම් ඉන්න… බැරි නම් යන්න… පසුපෙළ මෛත්‍රීට හා විමල් ගම්මන්පිල ඇතුළු පිරිසට කියයි.

    Must read

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ නොහැකි නම් වහාම ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රසිද්ධියේම අභියෝග ඉදිරිපත්වන පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

    ්‍රපොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් අවධාරණය කර සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සෙසු නියෝජිතයින්ද විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අයටද ආණ්ඩුව සමග කටයුතු කළ නොහැකි නම් ඉල්ලා අස්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා යූ ටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර තිබුණේ පොහොට්ටුව නොමැතිනම් මෛත්‍රිපාල සිරිසේනට හෝ වෙනත් අයට හෝ අඩුම තරමේ තමන්ට හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන බවයි.

    එබැවින් ආණ්ඩුව තුළ සිටිමින් දේශපාලන වාසි උදෙසා විවේචන නොකර ආණ්ඩුවේ කටයුතුවලට සහය ලබාදීම ඔවුන්ගේ වගකීම වන බවද එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව එකී විවේචන සිදුකරන ලෙසද කුට්ටිආරච්චි මහතා අභියෝග කළා.

    ඔහු තවදුරටත් පැවැසුවේ ඉන්න පුළුවන්නම් ඉන්න… බැරිනම් යන්න… යනුවෙනි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව