More

    වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා සංවර්ධන නිලධාරී සේවයත් දැවැන්ත අරගලයකට සැරසෙයි.

    Must read

    සංවර්ධන නිලධාරී සේවයට බලපා ඇති වැටුප් විෂමතා වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දැවැන්ත අරගලයක් වෙත අවතීර්ණ වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පොලිටික්ස් ‌වෙත කියා සිටියේ, පවතින විෂමතා ‌ඉවත් නොකිරීම හමුවේ සංවර්ධන නිලධාරී සේවයේ දහස් ගණනක් බලවත් පීඩාවකට හා සිත්තැවුලට පත්ව සිටින බවයි.

    පවතින විෂමතා ඉවත් කළ විට ආසන්න වශයෙන් 32,00/= ක ආරම්භක මූලික වැටුප 42,500/= ක් වැනි අගයක් දක්වා ආසන්න වශයෙන් ඉහළ යායුතු බවද ඔහු පැවැසුවා. කෙසේ වෙතත් වැඩි විය යුතු වැටුප් ප්‍රමාණයන් තවදුරටත් ගණනය කරමින් සිටින බවයි සූරියආරච්චි මහතා පැවැසුවේ.

    මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද පැවැසූ සූරියආරච්චි මහතා කියා සිටියේ, විසදුම් නොලැබුණහොත් දැවැන්ත අරගල දියත් කිරීමට සූදානමින් සිටින බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව