More

    සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි.

    Must read

    අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබද විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනනා. 

    අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම‌ වෙනුවෙන් පැවති වැඩසටහනකදී අසත්‍ය කරුණු ඉදිරිපත් වී ඇති බවත්, ඒ පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

    සිරිල් ගාමිණි පියතුමන් හා රොහාන් සිල්වා පියතුමන් ඇතුළු කතෝලික පූජකතුමන්ලා පිරිසක් පසුගිය 23 වනදා මෙම වැඩසටහන සංවිධාන කර තිබූ අතර, එහිදී ප්‍රහාරය පිළිබද විදෙස් රටවල සිටින ජනතාව දැනුම්වත් කර ඇති බවද එම පැමිණිල්ලේ දැක්වෙනවා. එහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තමාගේ ජීවිතයට හා පවුලේ සාමාජිකයින්ට හානිදායක වන ලෙස අදහස් දැක්වීම පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීයා ඉල්ලා සිටින්නේ.

    මෙම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමටද නියමිතයි.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව